
ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයට ඔබ සුදානම් ද ?
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
අද ජාත්යන්තර ජෛව විවිධත්ව දිනයයි. මේ සඳහා ලොව පුරා නොයෙක් වැඩසටහන් රැුසක් ක්‍රියාත්මක වේ. අද දිනය පිළිබඳ අදහස් දක්වමින් පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විශාල මෙහෙවරක් ඉටු කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වනාන්තර හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා රජය වසර ගණනාවක සිට සුවිශේෂි මෙහෙවරක් ඉටු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ප්‍රදේශ කළමනාකරණ පද්ධතිය ශ්‍රී ලංකාව සතුව පවතින බවද පැවසීය.
මෙවර ජෛව විවිධත්ව දිනයේ තේමාව වනාන්තර යි. ලොව පවතින මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 31 ක් එනම් හෙක්ටර්යාර බිලියන 04 ක් පුරා පැතිරි ඇති වනාන්තර ජෛව විවිධත්වය සංරක්ෂණය මෙවර ගෝලීය ජෛව විවිධත්ව දිනයේ අපේක්ෂාව බව ද අමාත්යවරයා පැවසිය.
ලොව පුරා ජීවත් වෙන බිලියන 16 ක් වන ජනගහනයක් තම ජීවනෝපාය ලෙස වනාන්තර මත යැපෙන අතර මිලියන 300 කට ආසන්න ජනතාවක් වනාන්තර තම වාසස්ථාන ලෙස යොදා ගන්නා බවත් වනාන්තර ජෛව විවිධත්වය මානව පැවැත්මේ මුලික අඩිතාලම බැවින් වනාන්තර ආරක්ෂා කර ගැනීමට එක්වන්නැයි ද අමාත්යවරයා කියා සිටියා.
තව දුරටත් අදමස් දක්වමින් අමාත්යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ද පවතින වන ආවරණය ඉහළ නැංවිම සඳහා මෙම වසර පුරා ද විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර වර්තමානයේ දී මෙරට පවතින ස්වභාවික වනාන්තර වලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර රාජ්‍ය ආයතන මඟින් කළමණාකරණයට ලක් කෙරෙන අතර මෙම ප්‍රමාණය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 18 ක් වැනි සුළු ප්‍රමාණයක් බවයි.