දකුණු චිලිහි පුයේහි ගිනිකන්ද සක්රීය වෙයි
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
සැන්ඩියාවට (Santiago) කිලෝමීටර 870 ක් දකුණු දෙසින් ඇන්දීස් කදු ගැටය ආසන්නයේ පිහිටා ඇති පුයේහි (Puyehue) ගිනිකන්ද මේ වන විට සක්රීය තත්ත්වයට පත්ව තිබෙනවා. මෙය සක්රීය වීමට පෙර භූකම්පන 230 ක් පමණ ඇති වු බව එරට ආරචි මාර්ග පවසනවා. එමෙන්ම මේ වන විට ඇතිව තිබෙන අවධානම් සහිත තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 3500 ක් පමණ ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
1960 දී මෙය අවසන් වරට විශාල වශයෙන් සක්රිය වීමෙන් අනතුරුව දසක පහක් වැනි දීර්ඝ කාලයකින් අනතුරුවයි නැවත සක්රීය වී තිබෙන්නේ. එහිදී ද රික්ටර් පරිමාණයේ ඒකක 9.5 අගයක් සහිත භූකම්පනයක් ඇති වි තිබෙනවා.
කෙසේ වෙතත් ගිනිකන්දෙන් පිටවන අළු සහ දුමාරය මේ වන විට විශාල වශයෙන් පිටව යන අතර මේ හේතුව නිසා චිලි රජය විසින් ආජන්ටිනා ගුවන් තොටුපලක් ද වසා දැමීමට කටයුතු යොදා තිබෙනවා.