පාසල් පරිසර නියමු ජාතික කඳවුර මෙවර වේයන්ගොඩ දී ඇරඹේ.

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පාසල් සිසු සිසුවියන් සම්බන්ධ කර ගනිමින් පවත්වනු ලබන පරිසර නියමු ජාතික කඳවුර මෙවර 9 වන වරට වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සුදානම් කර තිබෙනවා.

මෙම කඳවුර ලබන සැප්තැම්බර් මස 1 වන දින ආරම්භ වී 2 හා 3 යන දිනයන් හීදී ද පැවැත් වීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය චරිත හේරත් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

මෙවර ජාතික කඳවුර සඳහා අවස්ථාව හිමිව තිබෙන්නේ පරිසර නියමු වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා ඉහළ කුසලතා දක්වා ඇති රජත හා ස්වර්ණ වර්ණ පදක්කම් ලාභී පාසල් 50 ක සිසුන් හා ගුරුවරුන් 500 දෙනෙකුට පමණි. නමුත් මේ  වන විට දිවයින පුරා පාසල් 6500 ක පමණ පරිසර නියමු සංකල්පය ඉතා සාර්ථක ලෙස ව්‍යාප්ත වී තිබෙනවා.

පරිසර සංරක්‍ෂණය උදෙසා ක‍්‍රියාකාරී ලෙස දායකත්වය සපයන මෙම පරිසර නියමු වැඩසටහන මඟින් පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් වඩා පුළුල් ක්‍ෂේත‍්‍රයක් නිරීක්‍ෂණය කිරිම තුළින්් වඩාත් කුසලතා පිරි තෘප්තිමත් අධ්‍යාපන රටාවකට මුහුණ දීමට මෙමඟින් සිසු සිසුවියන් හැකියාව හිමි ව ඇති බව ආචාර්ය චරිත හේරත් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.