ආර්ටික් ඕසෝන වියන වාර්තාගත ලෙස අහිමි වෙන ලකුණු
ඇන්ටාක්ටික් ඕසෝන් සිදුරට සමානව ආර්ක්ටික් ඕසෝන් වියනට මේ වසර පුරා දැඩි බලපෑම් එල්ල වී ඇති හෙයින් ආර්ටික් ඕසෝන් වියන වාර්තාගත ලෙස අහිමි වෙමින් පවතින බව විද්‍යාඥයෝ පවසති.
මේ පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටින්නේ ආර්ක්ටික් ප‍්‍රදේශයේ පොළවට කිලෝමීටර 20 කින් ඉහළ පිහිටි ඕසෝන් වියනෙන් සියයට 80 ක් මේ වන විට අහිමි වි අවසන් බවයි.
අධික ශිත කාලගුණ තත්ත්වයන්හිදී ඕසෝන් වියනට හානි කරන ක්ලෝරීන් රසායනික වඩාත් සක‍්‍රීය බව නාසා විද්‍යාඥයින් පවසයි. ආර්ක්ටික් ප‍්‍රදේශයට මේ වසර තුළ දී දීර්ඝ කාලීනව බලපාන ලද අධීක ශිත කාලගුණ තත්ත්වය ඕසෝන් වියනට හානි සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙන බව ඒජන්සි වාර්තා සඳහන් කරනවා.
සී.එෆ්්.සී හෙවත් ක්ලෝරෝෆෝරෝ කාබන් ඕසෝන් වියනට හානි කරන ප‍්‍රබල සංයෝගයක් වන අතර එවැනි සංයෝග පිට කරන විදුලි උපකරණ භාවිතයෙන් ඉවත් වීමට ලොව පුරා රටවල් එකඟතාවයට පැමිණියේ 1987 වසරේ දීය. නමුත් මේ වන විටත් සුළු වශයෙන් හෝ මෙම උපකරණවලින් මෙම සංයෝගය වායු ගෝලයට නිකුත් වන අවස්ථා නැතුවාම නොවේ.