පාසල් පරිසර භට කණ්ඩායම් සක‍්‍රීය කිරීමට සැරසේ
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
පරිසරය පිළිබඳව සිසුන්ට අවබෝධය ලබා දීමේ මුලික අරමුණින් මධ්යම පරිසර අධිකාරිය මඟින් පාසල් පරිසර භට කණ්ඩායම් සක‍්‍රීය කිරිම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා මුලික වශයෙන් හල්දුමුල්ල ජාතික ඖෂධ උද්යානයේ පුර්ණ සහය ලබා දෙන බව ජේ්යෂ්ඨ උද්භිත විද්යාඥ මහාචාර්ය පියල් මාරසිංහ මහතා පවසනවා.
විශේෂයෙන් මෙම භට කණ්ඩායම්වලට පදක්කම් ලබා ගැනිමේ දී විවිධ ක්‍රියාකාරකම් මඟින් ලබා ගන්නා ලකුණු ඉතා වැදගත් වන අතර මෙම ඔසු උයන තුළ ඒ සඳහා ඉතා යෝග්‍ය වපසරියක් පවතින බවත් සඳහන් වනවා. මෙවැනි භට කණ්ඩායමකට අවම වශයෙන් ළමුන් 25 ස් දෙනෙකුවත් සිටිය යුතු අතර ඔවුන් සෑම කාර්යයක් සඳහාම මෙහිදී උපකාරයන් හිමි වෙනු ඇත.
ඒ අනුව හල්දුම්මුල්ල ඔසු උයනේ දී ජෛව විවිධත්වය, පක්ෂීන්, සමනළයන්, දුර්ලභ ඖෂධ පැළැටී වැනි විවිධ ක්ෂෙත්ර සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.