ලොව කුඩාම ගෙඹි විශේෂයක් ශ‍්‍රී ලංකාවෙන්
සත්ව විද්‍යා පර්යේෂයින් වන මීගස්කුඹුර මහතා සහ එම්‘එම්‘බාහීර් මහතා අග්රා බෝපත් වන ප‍්‍රදේශයේ කරන ලද සංචාරයක් අතර තුරදී මෙම ගෙඹි විශේෂය සොයා ගෙන ඇත්තේ 2005 වසරේ දී වන අතර මෙම ගෙම්බන් විශේෂය වසර සියයකට පසු ශ‍්‍රී ලංකාවෙන් සොයා ගැණුනු කුඩාම ගෙඹි විශේෂය වනවා‘
නව විශේෂයක් විය හැකි යැයි සැක පළ කර කරන ලද පර්යේෂණවලදී වසර සියයකට පමණ පෙර ඉන්දීය ජාතික එන්‘ ආනන්දන් නැමති සත්ව විද්‍යාඥයා විසින් 1911 වසරේ දී පට්ටිපෙළ දී සොයා ගන්නා ලද සෙඩොපිලෝටස් සෙමිරූබර් (Pseudophilautus semiruber) නැවති විශේෂය බව තහවුරු විය‘
හොඳින් වැඩුණු විට සෙන්ටිමීර 15 ක් පමණ වු කුඩා සිරුරක් ඇති මෙම ගෙම්බන් පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පර්යේෂකයින් රැසක් සොයා බැලීම් සිදු කරනු ලැබුවා‘ මේ පිළිබඳ ජාත්‍යන්තර සඟරාවන්ගේ ද වාර්තා විය. මෙතෙක් රතු දත්ත පොතට අනුව තොරතුරු වාර්තා වී නොමැති සත්ව විශේෂයක් ලෙස හැදින ගත් ගෙඹි විශේෂයක් වන මෙම සත්ව විශේෂය නැවත සොයා ගැනීම ඔවුන් දැඩි අන්තරායකාරී සත්වවිශේෂයක් ලෙස පිළිගැනෙනු ඇත‘
වැඩි තෙතමනයක් සහිත දිරායන කොළරොඩු අතර ජීවත් වන මේ ගෙම්බාගේ විශේෂත්වය වන්නේ ඍජුව පැටවුන් බිහි කිරීමයි‘ මඩ සහිත පරිසරයක බිත්තර දෙක තුනක් දමන මේ ගෙම්බාගේ ඉස්ගෙඩි අවස්ථාව ද බිත්තරයේම ගත කිරීම මොවුන් සතු විශේෂත්වයක් වනවා‘
මේ වන විට ලෝකයේ ගෙඹි විශේෂ 5000 ක් පමණ සොයා ගෙන ඇති අතර මෙවැනි කුඩාම ගෙඹි විශේෂ වාර්තාවන්නේ 46 ක් පමණ ප‍්‍රමාණයකි. ඒ අතරින් ලංකාවෙන් වාර්තා වන්නේ වර්ග තුනක් වැනි ප‍්‍රමාණයකි‘