දඹුල්ලට මහ සුළං සමඟ අකුණු

Share

ඊයේ දඹුල්ල හා සීගිරිය යන ප‍්‍රදේශයන්ට ඇති වු තද වැසි සහිත සුළං කාලගුණ තත්ත්වය සමඟ අකුණු සහිත තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. කෙසේ වෙතත් මෙම අකුණු ඇති වීමෙන් එක් කාන්තාවකට අකුණු සැර වැදී ඇති බව වාර්තා වනවා.

මෙම වසරේ ගත වු කාලය පුරා අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 37 දෙනෙක් මිය ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ දිනවල පවතින නිරිත දිග මෝසම් සුළං හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. කෙසේ වෙතත් පොදු ජනතාව සැම විටම අකුණු අනතුරු කෙරෙහි අවධානයෙන් පසු වෙන්නැයි ඔවුන් නිවේදනය කර සිටිනවා.