වැස්ස අඩුවෙයි. අකුණු වැඩි වෙයි.

Share
පසුගිය කාලය පුරා දිවයින පුරා පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් අඩු වීමක් දක්නට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයින් 40 දෙනෙකුට මරු කැඳවු අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විටත් අවතැන් වු බොහෝ පිරිසක් අවතැන් කඳවුරුවල රැුදී සිටින බවයි ආපදාකළමණාකරන මද්‍යස්ථානය පවසන්නේ.
කෙසේ වෙතත් අද සහ ඉදිරි දිනවල දිවයින පුරා බොහෝ ස්ථානයන්ට අකුණු සහිත කාලගුණයක් අපේක්‍ෂා කල හැකි අතර ජනතාව මේ පිළිබඳ සැළකිලිමත්ව සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.