අකුණු සහිත තද වැසි හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයක

Share

තද අකුණු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වු බව අපට වාර්තා වනවා. දුම්රිය සංඥා පද්ධතියට අකුණු ගැසීම හේතුවෙන් එය ක‍්‍රියා විරහිත වු අතර මේ නිසා දුම්රිය ධාවනයට අද උදෑසන කාලයේ ප‍්‍රමාද වු බව වාර්තා වනවා.

එමෙන්ම අද උදෑසන සිට කොළඹ නගරයට ඇ හැලූණු වර්ෂාව හේතුවෙන් තුම්මුල්ල හන්දිය හා ඒ අවට ප‍්‍රදේශය ජලයෙන් යට වී ගොස් දැඩි රථ වාහන තදබදයක් පැවතිය බව අප වාර්තාකරුවන් පවසනවා.