Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ශ‍්‍රී ලංකාව පුරා වන අලි 5879 ක්.

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පසුගිය අගෝස්තු මස 11 වන දා සිට 14 දක්වා දිවයින පුරා සිදු කෙරෙනු අලි සංගණනයේ දත්තයන් ඊයේ (සැප්තැම්බර් 2 දා) දිනයේ දී වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මෙරට සමස්ත වන අලි ගහණය 5879 ක් බව ගණනය වී තිබේ. මෙයින් දළ සහිත ඇතුන් 122 ක් වනාන්තර ආශ‍්‍රතව ජීවත් වෙන බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම මෙම වන අලි අතරට අලි පැටවුන් 1107 ක් අයත් වෙනවා.

මෙම දත්තයන්ට අනුව වැඩිම වන අලි ප‍්‍රමාණයක් මහවැලි වන ජිවි කලාපයෙන් වාර්තා වන අතර අවම අලි ගහණය වාර්තා වන්නේ මධ්‍යම වන ජිවී කලාපයෙනි. ඒ 1751 හා 47 ක් වශයෙන්. මීට අමතරව නැගෙනහිර වන ජීවිි කලාපයේ වන අලින් 1573 ක් ද වයඹ වන ජිවි කලාපයේ 1189 ක් ද දකුණු වන ජීවි කලාපයෙන් වන අලි 1086 ක් හා උතුරු වන ජීවි කලාපයෙන් වන අලි 233 ක් ද වශයෙන් වාර්තා වෙනවා.

මෙම දත්තයන් රැුස් කර ගැනීම සඳහා නිරීක්‍ෂණ මධ්‍යස්ථාන 1553 දී වන ජීවි නිළධාරීන් 3500 කට අධික පිරිසක් හා ප‍්‍රධාන වශයෙන් හමුදා නිලධාරීන්ගේ හා ගම්වාසීන්ගේ ද නොමද සහයෝගය ලැබී තිබුණි.

මීට පෙර වන අලි සංගණනයක් සිදු කෙරුණේ 1993 වසරේ දී වන අතර එයට එවකට පැවති යුදමය වාතාවරණය හේතුවෙන් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ සංගණනයට දායක කර ගැනීමට නොහැකි විය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ගොවිජන සේවා හා වන ජිවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසා සිටියේ වන අලි ව්‍යාප්තියේ දත්තයන් ගම් මට්ටමින් හා දිස්ත‍්‍රික් මට්ටමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221