Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

කෘමින්ගේ වර්ණයන් ගෝලීය උණුසුම හා බැඳේ

Share

සමනලූන්, බත්කූරන් හා වෙනත් කුඩා කෘමින්ගේ වර්ණය ගෝලීය උණුසුම හා සම්බන්ධතා තිබේ යැයි පුරා වසර 18 ක් සිදු කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රකාශ කර තිබෙනවා. මොවුන් පවසා දෙන අන්දමට ශීත දේශගුණයක් සහිත ප‍්‍රදේශවල ජීවත් වන සමනලූන් හා බත් කූරන් තද පැහැයෙන් යුක්ත වන අතර උණුසුම් දේශගුණයක් සහිත ප‍්‍රදේශවල ජිවත් වන මොවුන් ලා පැහැයෙන් දිස් වෙයි.

මෙම සතුන් හිරුගේ ශක්තිය උරා ගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් භූමිකාවක් නිරූපණය කරන අතර එමඟින් පියෑඹීම සඳහා අවශ්‍ය ශක්තිය මෙන්ම ශරීර උෂ්ණත්වය ද යාමනය කරන බව මෙම පර්යේෂකයින් පිරිස පෙන්වා දෙනවා. එමෙන්ම මෙලෙස දේශගුණික වෙනස් වීම්වලට කෘමින්ගේ වාසභූමිද දැඩි බලපෑමක් එල්ල කර සිටිනවා. 1988 වසරේ සිට 2006 දක්වා කාලය තුළ සමනල් විශේෂ ගැවසෙන ප‍්‍රදේශ 366 ක් හා කූරන් විශේෂ ගැවසෙන ප‍්‍රදේශ 107 ක දත්ත මෙම පර්යේෂණය සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම සඟරාවේ කර්තෘ වන ජර්මනියේ මාර්බග් හි පිලිප්ස් විශ්ව විද්‍යාලයේ ඩර්ක් සිවුස් පවසන්නේ ශාක හා සතුන්ගේ ජීවන විවිධත්වය ගැන සළකන විට සමහර විශේෂයන්හි දක්නට ලැබෙන අනුවර්තන විශ්මය ජනක බවයි.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221