Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පෘථිවියට උල්කාපාත වර්ෂාවක්

Share

මේ මොහොත වන විට පෘථිවිය සූර්යයා වටා ගමන් කරමින් සිටින ප‍්‍රදේශයේ 209 ලීනියර් නමැති වල්ගා තරුවකින් සෑදුණු කුඩා බොරළු කැට මෙන් විශාල සංඛයාවක් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසු වී කඩා වැටීමෙන් උල්කාපාත වර්ෂාවක් ඇති විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

සූර්යයා වටා ගමන් කරන එම වල්ගා තරුවේ වල්ගයේ අවශේෂ කොටස් මෙලෙස පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසු වන ප‍්‍රථම අවස්ථාව මෙය බවයි විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ. මෙවැනි උල්කාපාත කඩා වැටීම් 100 ත් 1000 ත් අතර ප‍්‍රමාණයක් සිදු වුවත් ශ‍්‍රී ලංකාවට දිවා කාලයේ දිස් වන බැවින් අපට එය දැක ගැනීමට හැකියාව නොලැබි යනු ඇති බවයි චන්දන ජයරත්න මහතා සඳහන් කර සිටින්නේ.

කැනඩාව හා ඇමෙරිකාව වැනි රටවල්වලට මෙම උල්කාපාත වර්ෂාව ඉතා හොඳින් දැක ගත හැකි බවයි ජයරත්න මහතා තව දුරටත් පවසා සිටියේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221