Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පෘථිවියට සමාන ගරලෝ හලෝකයක් සොයා ගනී.

Share

පෘථිවියෙන් එපිට ජනාවාස ඇති කළ හැකි අභ්‍යවකාශයක් පිළිබඳ වර්තමාන විද්‍යාඥයින් දිගින් දිගටම නොයෙකුත් පර්යේෂණ සිදු කළ අතර වසර 6 පර්යේෂණ කටයුතු සාර්ථකව නිම කරමින් හවායි ඩබ්.එම්. කික් ^W.M. Keck& පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පිරිසක් පෘථිවියට සමාන ග‍්‍රහලෝකයක් සොයා ගැනීමට පසුගිය දා සමත් තිබෙනවා.

මෙම ග‍්‍රහලෝකය සොයා ගෙන ඇත්තේ ජර්මන් ජාතික විද්‍යාඥයෙක් වු විලියම් ග්ලිසේ ^William Gliese& වන අතර එම නිසා ග‍්‍රහලෝකය මේ වන විට ග්ලිසේ 581g ^Gliese 581 g& යන නාමයෙන් හඳුන්වනු ලබනවා.  පෘථිවියේ මතුපිට උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක් හා ඊට සමාන ගුරැත්වාකර්ෂණයක් මෙන්ම පෘථිවි තලයේ මතුපිටට සමාන ස්ථරයක් මෙම ග‍්‍රහලෝකය සතු බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම නව ග‍්‍රහලෝකය පෘථිවිය මෙන් තුන්ගුණයක් විශාල වන අතර එය පිහිටා ඇත්තේ ගෝලඞ්ලොක්ස් කලාපයේ ය. මෙම ග‍්‍රහලෝකය තුළ ගංගා, ඇළ දොළ පැවතීමට තරම් සුදුසු පරිසරයක් ඇති බවයි විද්‍යාඥයින් පවසා සිටින්නේ. පාථිවියේ සිට මෙම ග‍්‍රහලෝකයට ළඟා වීමට ආලෝක වර්ෂ 20 ක් ගත වෙන අතර එය පෘථිවියට සැතපුම් 118,000,000,000,000 ක් දුරින් පිහිටා තිබෙන බව අනාවරණය කර ගෙන තිබේ. රොකට් භාවිතා කර ගමන් කළ මෙම ග‍්‍රහලෝකයට ළඟා වීමට අවුරැදු 200 ක් පමණ ගත වෙන අතර එය තත්පරයට සැතපුම් 19000 වේගයෙන් ගමන් කළ විට ගත වන කාලයට සමාන බව සොයා ගෙන තිබේ. අතරම ග්ලිසේ 581 g ග‍්‍රහලෝකයට සුර්යා වටා ගමන් කිරීමට පෘථිවි දින 37 ක් ගත පමණ ගත වෙන බව සොයා ගෙන තිබෙනවා.  කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ස්ටීවන් වොග්ට් පවසා සිටින්නේ මෙවැනි මිනිස් වාසයට සුදුසු ග‍්‍රහලෝක සොයා ගැනීමේ හැකියාව පවතින්නේ සියයට 10 ත් 20 ත් අතර බවයි. මෙම ග‍්‍රහලෝකයේ එක් පැත්තක් සුර්යාට මුහුණලා තිබෙන අතර අනෙක් පැත්ත අඳුරේ ගිලී පවතියි. මෙයින් මිනිස් වාසය සඳහා සුදුසු වන්නේ මෙම කලාප දෙක අතර පවතින අතරමැදි කලාපයයි. එය අළු කලාපය ^Gray Zone& යනුවෙන් හඳුන්වා දී තිබේ. 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221