මිසිසිපි ගංගාව පිටාර ගැලීමෙන් තව දුරටත් දුෂ්කරතා.
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
පසුගිය මැයි මස 16 වන දා ඇමෙරිකාවේ මිසිසිපි ගංගාව පිටාර ගැලීමත් සමඟ එම ප්රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක් වුණා. ගංගාවේ පිටාර වේගය පාලනය කිරීම සඳහා බලධාරීන් වසර 38 කට පසුව වාන් දොරවක් විවෘත කරනු ලැබුවා.
මෙම තත්ත්වය හේතුවෙන් ගොඩබිම් විශාල ප්රමාණයක් විනාශ වී ගොස් ඇති අතර විශාල ජනතාවක් අවතැන් වී සිටිනවා.
කෙසේ වෙතත් අද දින වන විටත් මෙම තත්ත්වයෙහි කිසිදු අඩු වීමක් දක්නට නොමැති අතර මෙම අධික වැසි සහිත තත්ත්වය ලබන ජුනි මස මැද භාගය වන තෙක් පැවතිය හැකි බවයි එරට වාරිමාර්ග අංශ පවසා සිටින්නේ.
මේ වන විට ගංගාවේ පිටාර මට්ටම ඉහළ ගොස් ඇති නිසා සැතපුම් 5 ක පමණ ප්රදේශයක් තහනම් කලාපයක් වශයෙන් රජය විසින් නම් කර තිබෙනවා. එමෙන්ම මෙම ප්රදේශයේ පවතින දිය සුළි බහුල ස්වභාවය හේතුවෙන් ජනතාවට එම ප්රදේශවලින් ඉවත් වන ලෙසට නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට සුන්බුන් විශාල වශයෙන් එම ප්රදේශය පුරා දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.