ලෝක පරිසරය දිනය අදයි
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
වන සම්පත සොබා දහමේ සත්කාරයයි යන්න මෙවර පරිසර දින තේමාවයි. ජගත් පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පරිසර දින සැමරුම් උළෙල පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රඹුක්කන පින්නවල ජාතික පාසලේ දී පැවැත්වේ.
මෙවර පරිසර දිනය නිමිත්තෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙන් ඖෂධ හා පළතුරු උද්‍යානයක් ස්ථාපිත කිරීම හා පාසල් ළමුන් 1000 ක් සහභාගී වන පරිසර පා ගමනක් මෙන්ම පාරිසරික ප්‍රදර්ශනයක් හා පරිසර හිතකාමී ලෙස කටයුතු කළ ආයතන හා පුද්ගලයින් අගයමින් හරිත සම්මාන ප්‍රධානය ද අද දිනයේ රඹුක්කන පින්නවල ජාතික පාසලේ දී සිදු කිරීමට නියමිතයි. ඊට අමතරව තෝරා ගත් කදු මුදුනක අක්කර 2 ක වන උයනක් පිහිටුවීම ද අද දිනයේ සිදු කිරීමට නියමිතයි.