Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අයිරින්ගෙන් පසු ඇමෙරිකාවට ලී කඩා පනී

Share

Normal 0 false false false EN-GB X-NONE TA  

පසුගිය කාලය පුරා ඇමෙරිකා එක්සත් ජනපදයට අයිරින් චණ්ඩ මාර්තයත් සමඟ ඇති වු අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසුව පසුගිය සෙනසුරාදා වන විට ලී නැමැති නිවර්තන කුණාටුව ඇති වී තිබෙනවා.

මෙම ලී කුණාටුව බලපා ඇත්තේ ඇමෙරිකාවේ ගල්ෆ් මුහුදු තීරයට වන අතර මේ හේතුවෙන් ලූසියානා සහ මිසිසිපි යන ප‍්‍රාන්තයන්ට දැඩි වර්ෂාව සහිත කාලගුණයක් පැවතිනි. තද වැසි ඇඳ හැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබෙන බව වාර්තා වනවා.

එමෙන්ම ගල්ෆ් වෙරළෙන් ඔබ්බෙහි සිදු කෙරෙනු තෙල් කැනීම් කටයුතු නවතා දමා එම සේවක පිරිස් ගොඩබිමට එවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මෙම නිවර්තන කුණාටුව ඇමෙරිකාවට කඩා වැදී ඇත්තේ පසුගිය දා ඊශාන දිග වෙරළ තීරයට බලපෑ අයිරින් කුණාටුවේ උණුසුම පහව යෑමටත් පෙර වීම විශේෂිත මෙන්ම දැඩි පීඩාකාරි සිදු වීමක් වී තිබේ. එම කුණාටුවෙන් ද පුද්ගලයින් 50 කට අධික පිරිසක් මිය ගොස් මිලියන ගණනක් වු ජනතාවක් අවතැන් භාවයට පත් විය.

දැනට පැයට කිලෝමීටර 75 ක පමණ වේගයෙන් හමා යන මෙම නිවර්තන සුළි කුණාටුවෙහි ප‍්‍රචණ්ඩත්වය ඉදිරි කාලයේ දී වර්ධනය විය හැකි බවට එරට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අගවති. මීට පෙරත් 2005 වසරේ ඇති වු කත්රිනා සුළි කුණාටුවේ බලපෑම් ද වැඩි වශයෙන් ඇති වුයේ ගල්:් වෙරළ බඩ ප‍්‍රදේශයටයි.

 

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221