Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඉදිරි පැය කිහිපයේ දී සුර්යය කුණාටුවක්

Share

ගත වන ඉදිරි පැය කිහිපය අතර තුරදී දැඩි සූර්ය කුණාටුවක බලපෑම පෘථිවිය දෙසට එල්ල වී ඇතැයි ඇමෙරිකානු කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් පවසන ආකාරයට වසර 5 කට පසුව ඇති වන විශාලතම සුර්ය කුණාටුව මෙයයි.

මෙම කුණාටුව ඇමෙරිකාවට පැහැදිලිව දර්ශනය වන බව බි‍්‍රතාන්‍ය භූ සමීක්‍ෂණ සේවය පවසවනවා. මෙය අද ගිනිච් වේලාවෙන් පස්වරු 6 ත් 10 ත් අතර හට ගන්නා බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ. මෙහි බලපෑමෙන් විදුලිබල සම්පේ‍්‍රෂණ චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට හා ගුවන් ගමන්වලට බාධා ඇති විය හැකි බවයි ඔවුන් අනතුරු අගවන්නේ. මෙය හෙට උදෑසන වන තෙක් පෘථිවියට බලපෑම් එල්ල කළ හැකි අතර සුර්ය කුණාටුවත් සමඟ හට ගන්නා කොටස් පැයට සැතපුම් හතළිස් ලක්‍ෂයක වේගයෙන් පෘථිවියේ ගැටෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසනවා. සුර්ය කුණාටුවක දී සුර්යා තුළ පවතින චුම්භක බල ශක්තිය පිටතට මුදා හැරීමක් සිදු වේ.

මෙවැනි සුර්ය කුණාටුවක් 1979 දී ද ඇති  වී අතර එමඟින් ඇමෙරිකාවේ ඉලිනෝයි ප‍්‍රාන්තයේ දිගදුර දුරකථන සන්නිවේදන පද්ධතියක් සම්පූර්ණයෙන් ක‍්‍රියා විරහිත වු බව වාර්තා වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221