පකිස්ථානයේ දරුණු ග්ලැසියර් දියවී යෑමක්

Share

කාශ්මීරයේ පිහිටි සියෑචෙන් ග්ලැසියරය ආශ‍්‍රිත හිම කන්දකට පාකිස්ථාන හමුදා කඳවුරක් යට වී ගොස් තිබේ.

මෙයින් සොල්දාදුවන් 100 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වනවා. මේ වන විට එම සොල්දාදුවන්ගේ මෘත දේහ ගොඩ ගනිමින් ඇති අතර මිය ගිය ගණන නිශ්චිත වශයෙන් මේ වන විටත් ප‍්‍රකාශ කළ නොහැකි බව විදෙස් වාර්තා පවසනවා.
මේ වන විටත් කලාපයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සහන කණ්ඩායම්වලට සිදුවීම වු ප‍්‍රදේශ කරා ගමන් කිරීම අසීරු වී ඇති බව ද වාර්තා වනවා.