Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

විල්පත්තු අභය භූමිය වැනසීමට ඉඩ දිය හැකි ද?

Share

ශ‍්‍රී ලංකාවේ තිබෙන පැරණිතම අභය භූමි තුනෙන් එකක් වන විල්පත්තු අභය භූමිය අද වන විට දැඩි ඛේදවාචකයකට මුහුණ පා සිටිම මුළු මහත් ජාතියේ ම අවාසනාවක් යැයි පැවසීම කණගාටුවට කරුණකි.

එහෙත් අද වන විට මෙම වන රක්‍ෂිතයේ නීති විරෝධී ලෙස ජනතාව පදිංචි කර වීම හේතුවෙන් අනාගතයේ දී මෙම සම්පත අපගෙන් වෙන්ව යා හැක. වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක  ආඥා පනත හා ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් අභය භූමිය තුළ සිදුකර ඇති මෙම ක‍්‍රියාවලියට මේ වන විටත් අදාළ බලධාරීන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මෙලෙස වන භූමිය පුරා ජනතාව පදිංචි කරවීම හේතුවෙන් අභය භූමියට අයත් භූමි ප‍්‍රමාණයෙන් අක්කර 500 ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වනවා.
හෙක්ටයාර 632ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී ඇති විල්පත්තු උතුරු අභය භූමිය 1938 පෙබරවාරි මස 25 වන දින ලංකාවේ පැරණිතම අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. 1937 අංක 2 දරණ පනතින් වන සත්ත්ව ආරක්ෂක ආඥා පනත පළමුව නීති ගත වීමෙන් අනතුරුව ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත් කළ අභය භූමියක් ලෙස විල්පත්තු උතරු අභය භූමිය ස`දහන් වේ. මෙම අභය භූමියේ විශාල ප‍්‍රදේශයක් ආවරණය වී ඇත්තේ වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා කටු ප`දුරු සහිත ල`දු කැලෑ බිම් වලිනි. අලි – ඇතුන් මෙන්ම කොටින් බහුල ව ජීවත්වන ප‍්‍රදේශයක් ලෙස සුවිශේෂී ජෛව විද්‍යාත්මක, පාරිසරික මෙන්ම ජල විද්‍යාත්මක වටිනාකමක් පැවතීම හේතුවෙන් ඈත අතිතයේ දී ම මෙම ප‍්‍රදේශය අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ. එවන් අභය භූමියක මේ අයුරින් ජනතාව පදිංචි කිරීම ඉතා හානි කර මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. එහෙත් හෙක්ටයාර 3000ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ කර නීති විරෝධී ලෙස ජනතාව පදිංචි කිරීම සිදු කර තිබේ.

කෙසේ වෙතත් සිදුවෙමින් පවතින මෙම විනාශය නවතාලීමට බලධාරීන් නිසි ලෙස ක‍්‍රියාත්මක නොවුවහොත් එය විල්පත්තු අභය භූමියේ පමණක් නොව මුළු මහත් ජාතියේම විනාශය විය හැකියි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221