Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඩයිනෝසරයන්ගේ අපූරු හැසිරීම්

Share

මාංශ භක්‍ෂක ඩයිනෝසරයන් වියරු වැටුණු විට විශ්මිත හැසිරීම් රටා පෙන්වා ඇතැයි ඩයිනෝසරයන්ගේ පොසිල මඟින් සොයා ගෙන ඇත. මෙම සතුන්ට සිදුව ඇති තුවාල මිහිතලයේ සිටින වෙනත් සත්වයෙක්ට සිදුවුවහොත් ඒවා භයානක වුවද මෙම ප‍්‍රාග් ඓතිහාසික සත්වයින්ගේ තුවාල විශ්මිත ලෙස සුව වී ඇතැයිද විද්‍යාඥයෝ පවසනවා. එමෙන්ම මෙම බිදුම් සිදුවන අවස්ථාවන්හි එම අස්ථි ඉතා ඉක්මනින් සුවපත්ව ඇති බවත් මොවුන් වැඩි දුරටත් පවසනවා.

මෙවැනි වසර කෝටි 15 ක් පමණ පැරණි පොසිලවල ඇති අස්ථි පැලීම් හා බිඳීම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇත්තේ දීප්තිමත් ආලෝක භාවිතා කරමිනි. ඩයිනෝසරයන්ගේ මොළයේ හැකියාව හා ඔවුන්ට තිබු සිතීමේ හැකියාව මෙන්ම තුවාල සුව වීමේ කඩිනම් බව අනුව මේ සතුන් මහා ව්‍යවසනයකින් වද වී නොගියේ නම් අද දක්වා ඉතා සාර්ථක ලෙස ජීවත් වීමේ හැකියාව ලැබෙනු ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි.

ඩයිනෝසරයන්ගේ අස්ථි පද්ධතියේ සැකැස්ම අනුව බොහෝ මාංශ භක්‍ෂකයන් කෝප වු විට උරහිස් සොලවා තම කෝපය පිටකර ගැනීමේ හැකියාවෙන් යුතු බව ද දත්තයන් අනුව සොයා ගෙන තිඛේ.
ඩයිනෝසරයන්ගේ තුවාල හා කැළැල් සුව කර ගැනීම සඳහා ඔවුන්ටම ආවේණික ක‍්‍රම භාවිතා කර ඇති අතර මෙය අප තරම් බුද්ධිමත් ක‍්‍රමයක් නොවුනත් නිසි ශාකයන් ආහාරයට ගැනීමෙන් මෙසේ සිදුවිය හැකි බව මැන්චෙස්ටර් පාසලේ භූ ගර්බ, වායුගති හා පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය ෆිල් මැනින්ග් පවසා තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221