Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අලි මිනිස් ගැටුමට පිළියමක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මේ වන විට අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි ඇතුන් මෙන්ම මිනිස් ජීවිත ද රැසක් විනාශ වී ගොස් ඇති හෙයින් මේ සඳහා පිළියමක් වශයෙන් අලි රැඳවුම් ස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් ප‍්‍රකාශ කර සිටියේ අද (26) දින පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයෙන් යොමු කරන ලද වාචික පිළිතුරු අපේක්‍ෂිත පැනයකට පිළිතුරු දුන් අවස්ථාවේ දීය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට හා වෙහෙරගල අලි රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට අක්කර 3000 ක් වෙන් කර තිබෙන අතර එම ප‍්‍රදේශ කොටු කර අලි ඇතුන් සුරැකීමට පියවර ගනු ලැබේ. මේ වන විට හොරොව්පතාන සහ මාඳුරු ඔය යන ප‍්‍රදේශ දෙකෙහි ද අලි රැඳවුම් ස්ථාන ඇති කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතියි.

කෙසේ වෙතත් මේ වන විට අලි ගහනයේ වර්ධනයක් දක්නට ලැබෙන අතර 1993 දි සිදු කරන ලද සංගණනයට අනුව වාර්තා වුයේ මෙරට අලි 2500 – 3000 ත් අතර ප‍්‍රමාණයක් සිටින බවයි. නමුත් අද වන විට එම ප‍්‍රමාණය 5500 – 6000 අතර ගණනකින් ඉහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම එම ප‍්‍රදේශවලට 2008 ට පෙර යාමට නොහැකි වීම නිසා නිවැරදි අලි සංගණයක් සිදු නොවුණ බවත් පැවසීය.

1930 දී මෙරට මුළු භූමියෙන් සියයට 40 ක් පමණ වු වන වැස්ම සංවර්ධන කටයුතු හේතුවෙන් මේ වන විට සියයට 21 දක්වා අඩුව වීම නිසා අලින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර මේ නිසා මුලික වශයෙන් අලි මිනිස් ගැටුම් ඇති වෙන බව ද අමත්‍යවරයා පැවසීය.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221