Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දුර්ලභ සමනල විශේෂ රැසක් හල්දුමුල්ලෙන්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

හල්දුමුල්ල ජාතික ඖෂධ උද්‍යානයේ සිට දුර්ලභ වර්ගයේ සමනලයෙක් සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන් සමනලයන් බිත්තර දැමීම සඳහා තෝරා ගන්නා ලද ශාක විශේෂ මෙම උද්‍යානය තුළ බහුල වශයෙන් පැවතීම නිසාත් දුෂණයෙන් තොර වු නැවුම් පරිසරයක පැවතීම නිසාත් මෙවැනි සමනල විශේෂ ඇති වීමට හේතුවක් බව හල්දුමුල්ල ජාතික උද්‍යානයේ ජේ්‍යෂ්ඨ උද්භිද විද්‍යාඥ මහාචාර්ය පියල් මාරසිංහ පැවසීය.

සමනල විශේෂයන්ට අමතරව මෙම උද්‍යානය තුළ සැරිසරණ බත් කූරන් පිළිබඳව ද විශෙෂ අවධානය යොමු කර ඇති බව මෙහිදී වැඩි දුරටත් දැන ගැනීමට ලැබිණි.

හල්දුමුල්ල ජාතික උද්‍යානය බදුල්ල දිස්ත‍්‍රීක්කයේ අක්කර 65 ක භූමියක් පුරා පැතිර තිබෙන අතර මෙම අගනා ඔසු උයන තුළ ඉතා වටිනා මෙන්ම දුර්ලභ ඖෂධ පැළෑටි දක්නට ලැබෙනවා. මෙහිදි මෙම පැළෑටි ගෘහ ආශ‍්‍රතව වගා කර තීබීම වැදගත් වන අතර බිම් කොහොඹ, මලිත, ඉරරාජ, වනරාජ, දුහුදු හා ගුරුළු රාජ වැනි දුර්ලභ විශේෂ මේ අතර ප‍්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

ස්වභාවික පරිසර පද්ධතියකට උරුමකන් කියන ඉතා උසස් ජෛව විවිධත්වයක් පවතින මෙම ඔසු උයන තුළ දී ඔසු පැළවලට අමතරව පක්‍ෂි විශේෂ 116 ක් දැක බලා ගත හැකි වන අතර විශේෂයෙන් මයිලගොයා, ගිරා මලිත්තා,දෑදෙමලිත්තා, අලූ ගිරවා, අලූ කෑදැත්තා වැනි ලංකාවට ආවේණික වු පක්‍ෂින් රැසක් සිටිනවා. සංචාරක පක්‍ෂීන් වන ගෝමර අවිච්චියා, දුඹුරු මැසිමාරා වැනි විදේශිය රටවල සිට පැමිණි ආගන්තුක පක්‍ෂීන් ද මේ අතර දැක ගැනීමට හැකි වෙනවා. මෙම උද්‍යානය පර්යේෂණ හා අධ්‍යන කටයුතු සඳහා විවෘත කර ඇති අතරම පුද්ගලයින් 40 කට පමණ නේවාසිකව නවාතැන් ගැනීමේ හැකියාව ද පවතිනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221