Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ආර්ටික් ඕසෝන වියන වාර්තාගත ලෙස අහිමි වෙන ලකුණු

Share

ඇන්ටාක්ටික්  ඕසෝන් සිදුරට සමානව ආර්ක්ටික්  ඕසෝන් වියනට මේ වසර පුරා දැඩි බලපෑම් එල්ල වී ඇති හෙයින් ආර්ටික්  ඕසෝන් වියන වාර්තාගත ලෙස අහිමි වෙමින් පවතින බව විද්‍යාඥයෝ පවසති.

මේ පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටින්නේ ආර්ක්ටික් ප‍්‍රදේශයේ පොළවට කිලෝමීටර 20 කින් ඉහළ පිහිටි  ඕසෝන් වියනෙන් සියයට 80 ක් මේ වන විට අහිමි වි අවසන් බවයි.

අධික ශිත කාලගුණ තත්ත්වයන්හිදී  ඕසෝන් වියනට හානි කරන ක්ලෝරීන් රසායනික වඩාත් සක‍්‍රීය බව නාසා විද්‍යාඥයින් පවසයි. ආර්ක්ටික් ප‍්‍රදේශයට මේ වසර තුළ දී දීර්ඝ කාලීනව බලපාන ලද අධීක ශිත කාලගුණ තත්ත්වය  ඕසෝන් වියනට හානි සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙන බව ඒජන්සි වාර්තා සඳහන් කරනවා.

සී.එෆ්්.සී හෙවත් ක්ලෝරෝෆෝරෝ කාබන්  ඕසෝන් වියනට හානි කරන ප‍්‍රබල සංයෝගයක් වන අතර එවැනි සංයෝග පිට කරන විදුලි උපකරණ භාවිතයෙන් ඉවත් වීමට ලොව පුරා රටවල් එකඟතාවයට පැමිණියේ 1987 වසරේ දීය. නමුත් මේ වන විටත් සුළු වශයෙන් හෝ මෙම උපකරණවලින් මෙම සංයෝගය වායු ගෝලයට නිකුත් වන අවස්ථා නැතුවාම නොවේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221