Make It Green Again
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
වර්තමානයේ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ තවත් එක් ක්‍රියාකාරකමක් වශයෙන් නැතිනම් සුවිශේෂි අවස්ථාවක් වශයෙන් Make It Green Again සංගීතමය විඩියෝ පටය පෙන්වා දිය හැකි. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ දී පසුගිය දා මෙම සංගීතමය විඩියෝ පටය එළි දැක්විය.
ශ්‍රී ලාංකේය තරුණයින් පිිරිසක් එක් ව සිදු කරනු ලැබු මෙම නිර්මාණය අපට මහත් ආඩම්බරයක් එක් කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය බි්රතාන්ය කවුන්සලයේ දේශගුණික විපර්යාස අංශයේ සිසුන් මඟින් ක්‍රියාත්මක විය. මෙම කර්තවය තවත් ඉදිරියට ගෙන යෑමට දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ තොරතුරු අධ්‍යන අංශය, බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, www.earthlanka.net වෙබ් අඩවිය මුලිකත්වය ගනු ලැබීය.
2011 වසරේ දෙසැම්බර් මස 8 වන දින දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේ දී මෙම සංගීත විඩියෝ පටය එළි දැක්විය.
දේශගුණික විපර්යාස හා කාර්මිකරණයත් සමඟ ලොව මුහුණ දෙන අයහපත් තත්ත්වය මෙම සංගීතමය විඩියෝ පටයෙන් නිරූපණය කරනු ලබනවා. මෙම සංගීත පටය පසුගිය දා නිමා වුණු Edex Expo 2012 ප්‍රදර්ශනයේ දී එළි දැක්විය. මෙම අවස්ථාව සඳහා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා සහ බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහභාගී විය.
මෙහිදී අදහස් දක්වමින් බි්රතාන්ය කවුන්සලයේ දේශගුණ විපර්යාස ව්‍යාපෘතියේ සාමාජික නිලන්ක පන්තිආරච්චි පවසා සිටියේ මෙම සංගීතමය විඩියෝ පටය තුළින් මිනිසාට මුහුණ දීමට සිදුවන පාරිසරික අර්බුදයන් පිළිබඳ යම් දැනුවත් කිරීමක් සිදුවන බවයි. එමෙන්ම ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීම තුළින් ගෝලීය උණුසුම අවම කර ගැනීමට පොදු ජනතාව දැනුවත් කිරීම ඉදිරියේ දී සිදු කිරිමට හැකි වන බවද ඔහු සඳහන් කළා. එමෙන්ම තරුණයින් විදියට අප මෙම සංගීතමය විඩියෝ පටය එළිදැක්වීම තුළින් සමාජයට යම් මෙහෙවරක් සිදු කළ අතර 2011 වසරේ ගෝලීය දේශගුණික විපර්යාස සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විමට හැකි විම පිළිබඳව ද ඔහු තම සතුට ප්‍රකාශ කර සිටියා.
වැඩසටහන සඳහා සහභාගී වු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කර සිටියේ වසර 20 ක් 30 ක් පුරා පරිසරය සුරැුකීම පිළිබඳ සියලූ දෙනාගේම අවධානය යොමු නොවු නමුත් දේශගුණික විපර්යාස සමඟම පරිසරය සුරැුකිමේ වැදගත්කම මේ වන විට අප වටහා ගෙන ඇති බවත්ය. එමෙන්ම පෘථිවිය රැුක ගන්නවා ද නැද්ද යන්න පිළිබඳ අප සිතා බැලිය යුතු යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.
මෙම වැඩසටහන අමතමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම සියයට 29 ක් බවත් එය වෙනත් රටවල් හා සැසදීමේ දී ඉතා උසස් මට්ටමක ඇති බවත් ය. වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස හා වායුගෝලයේ කාබන් විමෝචනය ඉහළ අවස්ථාවක දී Make It Green Again නම් ගීතය හා විඩියෝ පටය සමස්ත ලෝක ප්‍රජාවම දැනුවත් කිරීමේ ඉතාමත් යෝග්‍යතම අවශ්‍යතාවයක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ පරපුර පරිසර හිතකාමී ගැටළුන් පිළිබඳ ඉතාමත් සංවේදී අතර ඔවුන්ගේ මෙවැනි ක්‍රියාවලින් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ශක්තිය සැපයීමට අප සැමවිටම බැඳී සිටින බවත් ප්‍රකාශ කර සිටියා.
මෙම අවස්ථාවට සහභාගී වු Earthlanka වෙබ් අඩවියේ කර්තෘ සුදර්ශ ද සිල්වා පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ ර්‍ණඅප වෙබ් අඩවිය තුළින් ගත් එක් ක්‍රියාමාර්ගයක් වන්නේ තරුණ ක්‍රියාකාරකම් සඳහා සැම විටම උපකාර කිරීමයි. එමෙන්ම ශ්‍රී ලාංකේය සමාජය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා ස්ථානයක් ලබා දීමයි. අපි ඇත්තෙන්ම සතුටු වෙනවා මෙවැනි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් සඳහා අප වෙබ් අඩවියේ දායකත්වය ලබා දීමට හැකි වීම සම්බන්ධයෙන්” යනුවෙනි.
මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීම සඳහා තනි පුද්ගලයින් මෙන්ම, විවිධ ආයතන, තරුණ සංවිධාන, සිනමා ක්ෂෙත්රයේ පුද්ගලයින්ගේ දායකත්වය හිමි වුණා. ඒ පිළිබඳ සඳහන් කිරීමේ දී මුලික වශයෙන් Holcim Geocycle, Center for Environment Justice, Practical Action, Neptune Recyclers, Jetwing Hotels, Nanastasia, In finity Motion Pictures, EDEX Think Green, Voyage Motion Pictures, Lanka VIP Film (Pvt) Ltd යන අය සඳහන් කළ හැකි.
මීට අමතරව දිවයින පුවත් පතේ හා ගුවන් විදුලියේ ප්‍රචාරය තරඟයට සහභාගී වී මෙම ගීතය සඳහා හොඳම පද රචනයෙන් දායක වු වයි. ඒ. ශ්‍රියානි යාපා මහත්මිය, ගීතයේ සංගීත මෙහෙයවීමෙන් දායක වු දිලිප් ගබඩාමුදලිගේ මහතා මෙන්ම ස්වෙච්චාවෙන් මේ සඳහා දායක වු 50 කට අධික තරුණ කි‍්‍රයාකාරීන් හා ගීතයේ විඩියෝ දර්ශනය සඳහා සංගීත මඩුල්ල ලෙස එක් වු බිෂොප් විද්‍යාලයේ හා රාජකීය විදුහලේ ශිෂ්‍යයින් ද මෙම වැඩසටහන සඳහා නොමසුරු දායකත්වය හිමි විය. එමෙන්ම විඩියෝ පටය සඳහා රංගනයෙන් දායක වු අනෝකා අබේරත්න මෙනවියට ද අපගේ ස්තූතිය පුද කර සිටින අතර විලාසිතා හා ඇඳුම් සැකසීමෙන් අප හා එක් වු ඩිලූක්ෂි ජයසේකර මහත්මියට ඇතුළු නම් වශයෙන් සඳහන් නොවු සියලූ දෙනාට ද අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කර සිටිමු.
Make It Green Again කණ්ඩායම වෙනුවෙන් තරුණ ඔබ සැමට අප ඉතා ආදරයෙන් අනාගතයේ දී අප හා එක්වන ලෙස ආරාධනා කර සිටිනෙමු.