Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නාසා ආයතනයෙන් නව ආරම්භයක්

Share

ඇමෙරිකාවේ නාසා ආයතනය මඟින් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති කැමරා පද්ධතිය තුළින් පෘථිවිය භ‍්‍රමණය වන ආකාරයේ අපූරු දර්ශන සජිවී ලෙස නොනවත්වා විකාශනය කිරීම මේ වන විට අරඹා ඇත.

පැයට කිලෝමීටර 18000 ක වේගයෙන් පොළව වටා කැරකැවෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙම කැමරා පද්ධතිය සවිකර ඇත්තේ අනාගතයේ දී දුර ඈත ගැඹූරු අභ්‍යවකාශයේ ගවේශණ කටයුතු සඳහා අවශ්‍ය වන එම පරිසරයට ඔරොත්තු දෙන අන්දමේ කැමරාවන් නිර්මාණය සඳහා අවශ්‍ය මුලික දත්ත සපයා ගැනීමේ අරමුණින් බව වාර්තා වනවා.
නමුත් මෙයින් ලබා ගන්නා රූප රාමු කිසි ලෙසකින්වත් අපතේ නොයවා එය ලෝකවාසී ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවයි නාසා ආයතනය පවසන්නේ. තව නොබෝ දිනකින් මෙම කැමරා පද්ධතියට නවීන වීඩියෝ කැමරා කිහිපයක් ද එකතු කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වනවා. පෘථිවියේ රාත‍්‍රි කාලයේ දර්ශනවල කළු පැහැති බවක් දක්නට ලැබෙන අතර ඇතැම් අවස්ථාවල දී කැමරා මාරු කරන අවස්ථාවලදී ද දර්ශන කළු පැහැයෙන් දිස්වෙනු ඇත. කෙසේ වෙතත් මෙමගින් පැය එක හමාරක් වැනි ඉතා අඩු කාලසීමාවක් තුළදී පෘථිවිය එක් වටයක් භ‍්‍රමණය වන ආකාරය සජීවීව දැක ගැනීමට හැකි බවයි නාසා ආයතනය පවසන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221