ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වන සැසිවාරය අද කොළඹ දී.
ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වන සැසිවාරය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ විය. මෙය දින 5 ක් පුරා පැවැත් වීමට නියමිතයි.
මේ සඳහා ඉන්දියන් සාගරයේ ධීවර කටයුතු සිදුකරන රටවල් 40 ක් පමණ නියෝජනය කරමින් 250 කට අධික නියෝජතයින් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. මෙහිදී මුලික අංශ කිහිපයක් පිළිබඳ අවධානය යොමු වීමට නියමිතව පවතින අතර එහිදී ඉන්දියන් සාගරයේ ටූනා මත්ස්‍ය සම්පත නිසි ලෙස කළමණාකරණයකින් යුතුව පරිහරණය කිරීම හා ධීවර කර්මාන්තය ආශ්‍රිතව සිදුකරන නිති විරෝධි කටයුතු වැළැක් වීම ප්‍රධාන තැනක් ගනු ලබනවා.
ශ්‍රී ලංකාව තුළ මෙම සමුළුව පැවැත්වෙන දෙවන වතාව වන අතර 2011 වසරේ දී ද මෙම සමුළුව ලංකාවේ පැවැත් විය.
Post Categories
Features
Mangroves in the Eastern Coasts of Sri Lanka
April 8, 2026
IMarEST Sri Lanka Celebrates its 60th Annual General Meeting
November 13, 2025


FAQs