අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 5 ක් මිය යයි
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
දිවයිනේ ප‍්‍රධාන පළාත් කිහිපයකට බලපැවැත් වු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 4 ක් මිය ගොස් ඇති අතර අකුණු සැර වැදීමෙන් එක් අයෙකුද මිය ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට පුද්ගලයින් 1299 ක් විපතට පත්ව ඇති බව ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
කෑගල්ල ගලිගමුව හා බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ මෙම නාය යෑම් සිදුව තිබෙනවා. කළුතර ප‍්‍රදේශයේ පවතින අධික වැසි සහිත තත්ත්වය අද දවස පුරා ද පවතින අතර මිල්ලනිය ප‍්‍රදේශයේ අකුණු සැර වැදීම් වාර්තා වනවා. මිල්ලනියේ පවුල් 67 ක 277 දෙනෙක් හොරණ පවුල් 30 ක 138 දෙනෙකු ද මතුගම පවුල් 100 ක් ද බේරුවල පවුල් 209 ක 870 කුද ජල ගැලීම් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටියි.