අකුණු සැර වැදීමෙන් තිදෙනෙක් මරුට

Share

රුවන්වැල්ල, උඩකනුගල හා අමිතිරිගල යන ප‍්‍රදේශවල අද ඇති වු සන්ධ්‍යා කාලයේ දී අකුණු සැර වැදීමෙන් තිදෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කර සිටියේ නිවසක් තුළ සිටි කාන්තාවන් දෙදෙනෙකු හා දොළොස් හැවිරිදි දරුවෙකු මෙයින් මිය ගොස් ඇති බවයි.
රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව වාර්තා වනවා.