Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

වායු ගෝලයේ කැළඹීමත් සමඟ ජල පෝෂක ප‍්‍රදේශයන්ට තද වැසි

Share

අද සහ ඊයේ දිනයේ ඇති තද වැසි හේතුවෙන් ජල පෝෂක ප‍්‍රදේශයන්ට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබුණු බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 8 න් අවසන් වූ ගත වු පැය 24 පුරා මිලිමීටර 70 ක පමණ වර්ෂාවක් ලැබී තිබෙනවා. දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පැවති අනුරාධපුර, පොළොන්නරුව ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට ද තද වැසි ලැබී ඇති අතර වැඩිම වර්ෂාපතනය වාර්තා වුයේද පොළොන්නරුවෙනි.

එමෙන්ම වැසි සමඟ ඇති වන අකුණු හේතුවෙන් අද දිනයේ යුවළක් මිය ගොස් ඇති බව මැදවච්චියෙන් වාර්තා වනවා. පොළිසිය සඳහන් කළේ මොවුන් නිවසේ රැුදි සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් මෙම මරණයන් සමඟ අකුණු හේතුවෙන් ගත වු දින 10 ඇතුළත පුද්ගලයින් 5 ක් මිය ගොස් ඇති අතර ඒ අනුව වසර තුළ මිය ගිය මුළු පුද්ගලයින් ගණන 40 ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අකුණු අනතුරු ඇති විය බැවින් ජනතාවට සැළකිලිමත්ව සිටින ලෙස කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221