Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඇල්ල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයට ගලක් පෙරළෙයි

Share

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයට ඊයේ රාත‍්‍රී 9 ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් ගලක් පෙරළි විත් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව බදුල්ල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධක්‍ෂවරයා පවසා සිටිනවා.

 

 

අද උදෑසන වන විටත් මෙය යථා තත්ත්වයට පත්ව නොමැති අතර පයින් ගමන් ගන්නා මගීන් සඳහා පමණක් මාර්ගයේ ඉඩ සැලසෙන බව අපට වාර්තා වනවා.
ඇල්ල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට එල්ල වී ඇති බාධාවන් අද දහවල් වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කර සිටිනවා.

මේ වන විට බදුල්ල දිස්ත‍්‍රික්කයට ලැබෙන වර්ෂාවේ යම් කිසි අඩු වීමක් දැක ගත හැකි වුවත් විවිධ ස්ථානයන්ට මෙය වෙනස් වන අතර ඒ හේතුවෙන් ගංගා ආශ‍්‍රිත ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ ආශ‍්‍රිත ජනතාවට කල්පනාකාරීව සිටින ලෙස ආපදා කලමණාකරන අංශ ඉල්ලා සිටියි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221