ජලාශය රැසක් පිටාර ගලයි.

Share

අද සහ ඊයේ  දිනයේ ඇති වු ධාරානි පාත වර්ෂාව හේතුවෙන් කලා ඔය පිටාර ගැලීමෙන් නිවාස රැුසක් යට වී ඇතැයි වාර්තා වෙනවා. එමෙන්ම රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පුත්තලම හා මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප‍්‍රදේශය ජලයෙන් යට ව ඇතැයි සඳහන් වනවා.

මෙම ප‍්‍රදේශයේ අඩි 4ක් පමණ ජලයෙන් යට වී ඇතියි වාර්තා වනවා. මේ නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩාල ව තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කෑගල්ල, බදුල්ල, මහනුවර හා නුවරඑළිය යන දිස්ත‍්‍රික්කයන්ට පැවති නාය යෑමේ අවධානම තව දුරටත් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.