Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

වැසි සමඟ විපතටපත් ජනතාව

Share

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ දිස්ත‍්‍රික්ක 10 කට පමණ බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. විශේෂයෙන් කළුතර, රත්තනපුර, ගම්පහ, කොළඹ, මාතර, නුවරඑළිය හා කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන් මෙලෙස අධික වැසි ලැබුණු ස්ථානයන් වනවා.

 

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනය වන විට පුද්ගල ජීවිත 23 ක් බිලි වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම එක් අයෙක් අතුරුදන්ව ඇති අතර නිවාස 800 කට ආසන්න ප‍්‍රමාණයකට හානි සිදුව ඇති බවත් වාර්තා වනවා. මේ අතර වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ කළුතර දිස්ත‍්‍රික්කයෙන් වෙන අතර 7000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් ව ඇතැයි වාර්තා වනවා. කැළණි, නිල්වලා ගඟ ඇතුළු සෙසු ගංගා කිහිපයක්ම පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව කොපමණ දැයි තවමත් නිසි තක්සේරුවක් කර නැත.

එමෙන්ම මතුගම අඟලවත්ත හා නුවරඑළිය, කෑගල්ල යන ප‍්‍රදේශයන්වල බොහෝ ස්ථානයන් නාය යෑම හේතුවෙන් පුද්ගල මරණ මෙන්ම ජනතාවට දැඩි හානි පැමිණිම් වාර්තා වනවා. කාලගුණ අංශ පවසා සිටින්නේ දිවයිනට ඉහළ අහසෙහි දෙපසින් ඇදී ආ සුළං ප‍්‍රවාහයන් දෙකක් එකිනෙක හමු වීම හේතුවෙන් අභිසාරී තත්ත්වයක් ඇති වීම නිසා මෙලෙස වැසි සහිත වළාකුළු වර්ධනය වී ඇති බවයි.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221