නාය යෑමේ අවධානම තව දුරටත්

Share

මහනුවර, කෑගල්ල, රත්නපුරය හා මාතලේ යන දිස්ත‍්‍රික්කයන්ට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද උදෑසන 7 දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට වර්ෂාපතනය මිලි මිටර 100 ඉක්මවු බව ද වාර්තා වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් පවසා සිටියේ සුළං නිරිත දිගින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා යනු ඇති බවයි. මෙය පැයට කිලෝමිටර 20 ත් 30 ත් අතර අගයක් ගනු ඇති බවද සදහන් විය.